නව මහාධිකරණ විනිසුරුවරු 12කට පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරු 12 කට ජනපති අතින් පත්වීම්

by Staff writer 10-02-2021 | 4:02 PM

COLOMBO (News 1st) - නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට අද පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදීය. දිසා විනිසුරුවරුන් වන එන්.කේ. ඩී. කේ. අයි නානායක්කාර මෙනවිය සහ ආර්. එල්. ගොඩවෙල, වී. රාමකමලන්, යූ. ආර්. වී. බී. රණතුංග, ඩී. ජී.එන් .ආර්. ප්‍රේමරත්න, මහී විජේවීර සහ ජේ. ට්‍රොස්කි යන මහත්වරුන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්හ. ඊට අමතරව අතිරේක දිසා විනිසුරුවරුන් වන එස්. එච්. එම්. එන් ලක්මාලී මෙනවිය, ඩබ්ලිව්. ඩී. විමලසිරි මෙනවිය සහ අයි. පී. ඩී. ලියනගේ මහතා විනිසුරුවරුන් ලෙස පත් කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ද අද පත්වීම් ලැබූ විනිසුරුවරුන් අතරට අයත් වේ. ඊට අමතරව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය ද මහාධිකරණ විනිසුරුවරියක ලෙස ජනාධිපතිතුමා අතින් පත්වීම් ලැබුවාය.