පොලිස් වෙඩි පහරකින් සැකකරුවෙකුට තුවාල

පොලිස් වෙඩි පහරකින් සැකකරුවෙකුට තුවාල

by Staff writer 04-02-2021 | 4:35 PM

COLOMBO (News 1st) – වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් විවිධ කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද දහවල් එම ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.