ටයිල්, නානකාමර උපාංග ආනයනය සීමාව තවදුරටත්

ටයිල් හා නානකාමර උපාංග ආනයනය තහනම අහෝසි කළ ගැසට් නිවේදනය බලරහිත කෙ⁣රේ..

by Staff writer 03-02-2021 | 6:26 PM

COLOMBO (News 1st) - ටයිල් හා නානකාමර උපාංග ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අහෝසි කර මුදල් අමාත්‍යවරයා ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කෙරෙන උපදෙසක් ආනයනය අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය විසින් අද සියලු වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කර තිබේ.

ඒ අනුව, ටයිල් හා නානකාමර උපාංග ආනයනය සීමා කෙරෙන විධිවිධාන තවදුරටත් බලපැවැත්වෙනු ඇති.