අමෙරිකානු තානාපති හා විදේශ ඇමති දිනේෂ් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති හා විදේශ ඇමති දිනේෂ් අතර හමුවක්

by Staff writer 02-02-2021 | 4:59 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද හමුවිය.

ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. එම අවස්ථාවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ද එක්ව සිටියේ ය.