අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙකු කොටු

භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට..

by Staff writer 31-01-2021 | 11:36 AM

COLOMBO (News 1st) – අන්තර්ජාලය ඔස්සේ සංගීත භාණ්ඩ සහ පරිගණක භාණ්ඩ අලෙවි කරන බවට වෙළෙඳ දැන්වීම් පළ කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) වැලිගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , සැකකරු එම භාණ්ඩ ඇණවුම් කරන පුද්ගලයින්ට අත්තිකාරම් මුදලක් තැන්පත් කරන ලෙසට ගිණුම් අංක ලබා දී ඇති බවයි. එමගින් ඔහු පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කර ඇති අතර දෛනිකව රුපියල් 10,000කට වැඩි මුදලක් වංචා ඇතැයි අනාවරණ වී තිබේ . මෙවැනි මුදල් වංචාවකට හසු වී ඇත්තනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ 0718591753 දුරකතන අංකයට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. අත්අංඩගුවට ගත් සැකකරු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් 6ක් ද සොයාගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.