ඊයේ කොරෝනා මරණ 8ක්..

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 62,000 ඉක්මවයි: ඊයේ කොරෝනා මරණ 8ක්

by Staff writer 30-01-2021 | 7:49 AM

COLOMBO (News 1st) - මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 62,445ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 859 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ සමග මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6742 කි. තවත් කොරෝනා මරණ 08 ක් ඊයේ(29) වාර්තා විය. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකුයි. ඔවුන් පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු, සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් 65, 67, 58, 90, 80, 43, 63, 66 හැවිරිදි වියේ පසුවුවන්ය. ඒ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 55,398 කි.