by Staff writer 29-01-2021 | 5:53 PM
COLOMBO (News 1st) - ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව මහා සංඝරත්නය අද බුද්ධශාසන අමාත්‍යංශයට ලිපියක් භාර දී තිබේ.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ හිමිවරුන් ඒ සඳහා එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යොමුකර ඇති ලිපිය, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දුන්නේ ය.
එහි පිටපත්, නීතිපතිවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට භාර දීමට නියමිතය.