COLOMBO (News 1st) : කොරෝනා එන්නත මේ වනවිට ලක්ෂ ගණනකට ලබා දී ඇති බැවින් එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැතැයි, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
ප්රමුඛ පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලය නියෝජනය කරමින් AstraZeneca Covishield පළමු එන්නත ලබා ගැනීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසී ය.
එන්නත ලබා ගැනීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති විය හැකි නමුත් මෙම එන්නතෙන් වැඩිහිටි පිරිසට සුළු හෝ අතුරු ආබාධ ඇතිවීම් ඉඩකඩ අවම බවයි.
ප්‍රමුඛතා ලැයිස්තුව අනුව කොරෝනා එන්නත ලබ දෙන බවත් පළමු මාත්‍රාවෙන් සති 4කට පසු දෙවන මාත්‍රාවක් ලබා දෙන බව ත් වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
අද දිනයේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ සාමරම්භක අවස්ථාව පැවැත්වුණේ, ජාතික බොවන රෝග විද්‍යායතනයේදීයි.
මේ සඳහා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්රන්න්දුපුල්ලේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සබැඳි පුවත්...