ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා දිස්ත්‍රික්ක

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා දිස්ත්‍රික්ක හා ප්‍රදේශ

by Sagarika Chathumali 27-01-2021 | 9:44 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (26) මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 755 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, එම ආසාදිතයින් අතරින් 7 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගත් බවයි. ඉතිරි ආසාදිතයින් 748 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 369 කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80 ක් ලෙස වාර්තා වී තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 80 දෙනා අතරින් 65 දෙනෙකු ම හඳුනා ගෙන ඇත්තේ මතුගම ප්‍රදේශයෙන් වීම විශේෂත්වයකි. අනෙක් ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, සෙසු දිස්ත්‍රික්ක වලිනි. පසුගිය පැය 24 තුළ සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 709 කි. අද වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59922ක් වන අතර පුද්ගලයින් 51046ක් පූර්ණ සුවය ලබා ඇත. ආසාදිතයින් 8,588 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඊයේ මරණ එක් මරණයක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගියේ ය. එලෙස මිය ගොස් ඇත්තේ, රාගම ප්‍රශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි. අද (27) දිනයේදී ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 8,030 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16,431 කි.