රාජගිරිය හරහා අතුරුගිරිය තෙක් නව අධිවේගී මාර්ගයක්

රාජගිරිය හරහා අතුරුගිරිය අන්තර් හුවමාරුව තෙක් නව අධිවේගී මාර්ගයක්

by Staff writer 26-01-2021 | 12:41 PM

COLOMBO (News 1st) : නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදි කරන අධිවේගී මාර්ගයක් ඉදි කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍ර වේශ අධිවේගී මාර්ගය ඔස්සේ මෙම ඉදි කිරීම සිදු වෙනු ඇති. ඒ අනුව ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම මත 100% ක විදෙස් මුදල් සහිතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉල්ලීම් කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිවූයේ මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.