by Staff writer 16-01-2021 | 8:20 PM
COLOMBO (News 1st): කොවිඩ් 19 අවසන් කිරීමේ ආරම්භය ලෙස නම් කරමින් ඉන්දියාව අද එන්නත් වැඩසටහනක් ආරම්භ කළේ ය.
ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
වැඩසටහන ආරම්භ කරමින් සෞඛ්‍ය අංශවලට ප්‍රණාමය පුද කළ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ , අසත්‍ය ප්‍රචාර සහ කටකතාවලට නොරැවටී සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙසයි.
මෙලෙස ලබාදෙන එන්නත් අතරට 'කොවිශීල්ඩ්' සහ 'කොවැක්සින්' එන්නත් ද ඇතුළත් ය.
අද දිනය තුළ ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයින් ලක්ෂ 3කට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට සැලසුම් කර තිබේ.
එහි දෙවැනි මාත්‍රාව ද නියමිත කාල සීමාව තුළ ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ජනතාවට දැනුම් දුන්නේ ය.
ඉන් අනතුරුව පොලීසිය, ආරක්ෂක අංශ, නගර සභා සේවකයින් හා තවත් ඉදිරිපෙළ සේවකයින්ට එන්නත ලබා දීමට නියමිත ය.
ලොව විශාලතම එන්නත් කිරීමේ වැඩසටහන්වලින් එකක් ලෙස මෙය සැලකෙයි.
ඉන්දියාවේ සියලු ප්‍රාන්ත ආවරණයවන පරිදි මධ්‍යස්ථාන 3,000 කට වැඩි සංඛ්‍යාවකදී වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණි.