හොර පාරෙන් ගෙනා වාහන 12 ක් රේගු භාරයට

හොර පාරෙන් ගෙනා වාහන 12 ක් රේගු භාරයට

by Staff writer 12-01-2021 | 3:36 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද වාහන 12 ක් රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එම වාහනවල වටිනාකම රුපියල් මිලියන 55 කට අධික බවයි. ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ තිබු කන්ටේනර් තුනක් පරීක්ෂාවට ලක් කිරීමේදි එම වාහන සොයා ගනු ලැබී ය. විදේශීය මහ කොමසාරිස් කාර්යාලක නිලධාරියෙකුගේ නමට ව්‍යාජ ලෙස මෙම වාහන ගෙන්වා තිබුණේ, විදුලි ජනක යන්ත්‍ර කොටස් ගෙන්වන මුවාවෙනි. සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්යෙන් සිදු කරන විමර්ශන අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.