තවත් යුක්‍රේන සංචාරකයින් 165ක් දිවයිනට

තවත් යුක්‍රේන සංචාරකයින් 165ක් දිවයිනට

by Hashini De Mel 12-01-2021 | 3:04 PM

COLOMBO (News 1st) - තවත් යුක්‍රේන ජාතිකයින් 165 දෙනෙකු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ.

ගුවන්තොටුපොළ සේවා සමාගමේ අධ්‍යක්ෂ ශේහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, අද දහවල් 2. 40 ට පමණ එම පිරිස එරටට අයත් ගුවන් යානයකින් පැමිණි බවයි. ඔවුන් හික්කඩුවේ පිහිටි හෝටල් සඳහා පිටත්ව ගොස් ඇත. යුක්‍රේන ජාතිකයින් පිරිස අද පැමිණි ගුවන් යානයෙන් නැවත එරටට තවත් 177 දෙනෙකු පිටත්ව යාමට නියමිතය. මේ වනවිට යුක්‍රේන ජාතිකයින් 1004 දෙනෙකු පැමිණ තිබෙන බව ශේහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේ ය.