by Staff writer 08-01-2021 | 3:24 PM
COLOMBO (News 1st) - කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටවු සමථ මණ්ඩල කටයුතු හෙට (09) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය සැප්තැම්බර් මස සිට සමථ මණ්ඩල කටයුතු අත්හිටවූ බවයි.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය දැනුම් දෙයි.