නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති නමින් වෛද්‍ය රක්ෂණ ක්‍රමයක්...

by Staff writer 08-01-2021 | 10:00 PM

COLOMBO (News 1st) - නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණය නමින් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

අරලියගහ මන්දිරයේදී හඳුන්වා දුන් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණයෙන් සංඝයා වහන්සේලාගේ මව, පියා සහ සහෝදර සහෝදරියන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක් සැලසෙනු ඇත. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, මෙමගින් රෝහල්ගතවීමකදී දිනකට රුපියල් 1000 සිට රුපියල් 15000 ක උපරිමයක් දක්වා රක්ෂණාවරණයක් හිමවන බවයි. රෝහල්ගතව සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000 ක උපරිමයක් දක්වා ගෙවීම මෙම රක්ෂණ ක්‍රමයට අයත් ය. රුපියල් 2000 ක මුදලක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර පුණ්‍ය කටයුත්තකදී එම මුදල සැඳැහැවතුන්ට පුජා කිරීමේ අවස්ථාව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.