සියලුම ආයතන ප්‍රධානීන්ගෙන් පොලීසිය කළ ඉල්ලීම

සියලුම ආයතන ප්‍රධානීන්ගෙන් පොලීසිය කළ ඉල්ලීම

by Sagarika Chathumali 04-01-2021 | 8:29 AM

COLOMBO (News 1st) : කොරෝනා මර්දනය සම්බන්ධයෙන් රජය නිකුත් කළ උපදෙස් ඇතැම් ආයතන ක්‍රියාත්මක නොකරන බවට වාර්තා වී ඇතැයි, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි ආයතන සම්බන්ධයෙන්  විමසිල්ලෙන් පසු වන බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, සියලු ආයතන ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයට අනුව *ඇතුළුවන පුද්ගලයින්ගේ නාම ලේඛන පවත්වා ගෙන යාම *දුරස්ථභාවය පවත්වා ගැනීම *අත්පිරිසිදු කර ගැනමට ස්ථානයක් පිළයෙල කිරීම *ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ඇතුළු කරුණු අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවයි. කාර්යාල ප්‍රධානීන්, කර්මාන්ත ශාලා අධීක්ෂකයින් ඇතුළු සියලු සේවා ස්ථාන ප්‍රධානීන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ, ගැසට් නිවේදනයට අනුව කොරෝනා මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි.