නව වෛරස් ප්‍රභේදය ගැන සොයන්න WHO මැදිහත් වෙයි

UPDATE: නව කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන සොයන්න ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වෙයි

by Staff writer 20-12-2020 | 5:23 PM
COLOMBO (News 1st): නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබඳ සෙවීමට, ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් රාජධානිය සමග එක්වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, එක්සත් රාජධානි බලධාරීන් සමග සමීපව සම්බන්ධ වෙමින්, නව වෛරස් ප්‍රභේදය පිළිබඳද පර්යේෂණ කරන බවය. මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා වෛරසයට වඩා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි ප්‍රකාශ කළේය. සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ, ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය ද, දැනට පවතින වෛරසයට වඩා නව වෛරස් ප්‍රභේදය මාරාන්තික යැයි නොසිතන බවය. නව වෛරස් ප්‍රභේදය එන්නත්වලට වෙනස් ලෙස ප්‍රතික්‍රියා කරන බවට කිසිඳු සාක්ෂියක් මෙතෙක් වාර්තා නොවන බව ද සෞඛ්‍ය බලධාරීන් අනාවරණ කළේය.

Last Update:

ප්‍රවේසමෙන්..! තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක්..