තවත් කොරෝනා ආසාදිතයින් 715කට සුවයි..

තවත් කොරෝනා ආසාදිතයින් 715කට සුවයි..

by Chathurika Jayasundara 20-12-2020 | 3:32 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 715ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබු පිරිස 28,267 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට මෙරටින් හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,667 කි. ඊයේ (19) තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගියේ ය.