by Staff writer 16-12-2020 | 4:44 PM
News 1st - කැන්ගරුවන්ට මිනිසුන් සමග සන්නිවේදනය කළ හැකි බවට නවතම අධ්‍යනයකින් හෙළි වී තිබේ.
මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ සහ එක්සත් රාජධානියේ පරිසරවේදීන් එක්වයි.
ඒ අනුව මිනිස් ක්‍රියාකාරකම් සහ අදහස් යම් මට්ටමකට තේරුම් ගැනීමටත්, උදව් ඉල්ලීමටත් කැන්ගරුවන්ට හැකියාව පවතින බව හෙළි වී ඇත.
ගෘහාශ්‍රිත සතුන්ට පමණක් මිනිසා සමග සන්නිවේදනය කිරීමේ හැකියාව යම් මට්ටමකට ඇතැයි යන නිගමනය මෙම අධ්‍යයනය සහ පර්යේෂණය මගින් අභියෝගයට ලක්වනු ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙති.