මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත්

මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට WHO තීරණය කරයි

by Staff writer 12-12-2020 | 12:40 PM

COLOMBO (News 1st) - මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තීරණය කර තිබේ.

ඒ, එම සංවිධානය ක්‍රියාත්මක කරන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් වෙත කොරෝනා මර්දන එන්නත් බිලියනයක් ලබාදීමේ වැඩසටහන යටතේය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් වෙත අදහස් පළ කළේ ය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/12/12-12-HEMANTHA-INTW-online-audio-converter.com_.mp3"][/audio] කොවැක්ස් වැඩසටහන යටතේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල් වෙනුවෙන් කොරෝනා මර්දන එන්නත් බිලියනයක් වෙන්කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ඊයේ නිල වශයෙන් නිවේදනය කර තිබේ. එම වැඩසටහනට අයත් රටවල් සංඛ්‍යාව 189 කි.