by Staff writer 06-12-2020 | 10:29 PM
COLOMBO (News 1st) - යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පාසල් හෙට(07) දිනයේ වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේය.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ පියවර ගන්නා බවයි.
අප වාර්තාකරුවන් පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයට විටින් විට ධාරානිපාත වැසි ඇදහැලෙන බවයි.
පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර ඇතැම් මාර්ගවල ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වී තිබේ.
මේ අතර ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට(07) සහ අනිද්දා(08) තාවකාලිකව වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පවසයි.
දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසුවේ පවතින වත්මන් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් මෙම පියවර ගත් බවය.