by Staff writer 06-12-2020 | 8:34 PM
COLOMBO (News 1st) -මහර බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියෙන් මියගිය රැඳවියන් 11දෙනාගෙන් 6දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
අප වාර්තාකරු පැවසුවේ, රැඳවියන්ගේ පවුල්වල සමාජිකයින් අදත් මහර බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ සිටි බවයි.
බන්ධනාගාරගතව සිටින අය පිළිබඳව කිසියම් තොරතුරක් දැන ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අදත් පැමිණ සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජා-ඇල, හුණුපිටිය, වැලිවේරිය හා අඟුරුවාතොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ පවත්වන අතර මේ වන විට ප්‍රකාශ 116 ක් සටහන් කරගෙන ඇතැයි සඳහන් වේ.