by Staff writer 06-12-2020 | 11:58 AM
COLOMBO (News 1st) : ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් දඹුල්ල වයිකිංග් කණ්ඩායම ලකුණු 9ක ජයක් වාර්තා කළේ ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ පළමු කඩුල්ලට උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 110ක සබඳතාවක් ගොඩනැගුවේ ය.
දික්වැල්ල පන්දු 37කින් ලකුණු 60යි.
හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුළත් විය.
උපුල් තරංග පන්දු 54 කින් ලකුණු 77යි.
4 පහර 11ක් සහ 6 පහරක් ද ඔහුගේ නම ඉදිරියේ සටහන් විය.
නායක දසුන් ශානක ලකුණු 37යි.
ධනංජය ලක්ෂාන් කඩුලු 2ක් දවා ගත්තේ ය.
දඹුල්ල වයිකිංග් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 207කි.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළේ , ධනුෂ්ක ගුණතිලක සහ අ(හ්)සන් අලී.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 42ක සබදතාවක් ගොඩනැගුවේ ය.
අලී ලකුණු 19යි.
නායක භානුක රාජපක්ෂ ලකුණු 5කට දැවී ගියේ ය.
ධනුෂ්ක ගුණතිලක සහ අසාම් ඛාන් තුන්වැනි කඩුල්ලට ලකුණු 94ක සබදතාවක් ගොඩ නැගුවේ ය.
අසාම් ඛාන් පන්දු 24කින් ලකුණු 55යි.
පිතිකරුවන් සිව් දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුයේ නැහැ.
හුදෙකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 78ක් රැස් කළේ පන්දු 52කින්.
ඊට 4 පහර 6ක් සහ 6 පහරක්ද ඇතුළත් ය.
අන්වර් අලී කඩුලු 3යි.
ලකුණු 208ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 198ක් පමණි.