ගුවන්තොටුපොළ සංචාරකයින්ට විවෘත කරයි ද?

ගුවන්තොටුපොළ සංචාරකයින්ට විවෘත කරයිද? විශේෂ කමිටු සාකච්ඡාවක් අද..

by Staff writer 05-12-2020 | 7:08 AM

COLOMBO (News 1st) - ගුවන්තොටුපොළ සංචාරකයින් සඳහා යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, එම කමිටුව සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නියෝජිතයින්ගෙන් සමන්විත වන බවයි. එහි විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. ගුවන්තොටුපොළ සංචාරකයින් සඳහා විවෘත කිරීම සඳහා දැනට පවතින ගැටලු කඩිනමින් නිරකරණය කිරීමට හැකිවනු ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.