අතුරුදන් ධීවරයාගේ සිරුර සොයා ගැනේ

අතුරුදන් ධීවරයාගේ සිරුර සොයා ගැනේ

by Staff writer 04-12-2020 | 11:43 AM

COLOMBO  (News 1st ) : අයහපත් කාලගුණය පැවතියදී ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී අතුරුදන් වූ ධීවරයාගේ සිරුර කරෙයිනගර් ඌරි ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු 38 හැවිරිදි වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. පසුගිය පළමුවැනිදා ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී දළ රළ පහරට හසුව ඔහු අතුරුදන් විය. පොලීසිය පැවසුවේ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බවයි.