CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොරෝනා

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොරෝනා

by Staff writer 25-11-2020 | 11:41 AM
COLOMBO (News 1st) : බන්ධනාගාරගත කර සිටින CID හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව හිටපු අධ්‍යක්ෂවරයා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා ඇතැයි, වාර්තා වේ. පසුගිය ජූලි 31 වන දා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ගිනිඅවි සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගනු ලැබිණ.