රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරියෙක් සේවිකාවකට පහර දෙන වීඩියෝවක් එළියට..

by Staff writer 24-11-2020 | 8:58 PM

COLOMBO (News 1st) - කාර්යාලයකදී කාන්තාවකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන මෙම වීඩියෝවට අදාළ සටහනේ දැක්වෙන්නේ, මෙය බස්නාහිර පළාතේ රජයට අයත් කාර්යාලයක සිදුවූවක් බවයි. අදාළ කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් යැයි පැවසෙන පුද්ගලයෙක් එහි සේවිකාවකට මෙම පහරදීම සිදු කළ බව මෙම වීඩියෝව සමග සටහන් වී තිබේ. කෙසේ වෙතත් පහරදීම සිදු වූ නිශ්චිත ස්ථානය මෙතෙක් තහවුරු වී නොමැත.