by Staff writer 20-11-2020 | 5:25 PM
COLOMBO (News 1st) - කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කිරීමට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව වරකාපොල නගරයේ අතුරු මාර්ගයක් ඉදිකිරීම සඳහා අද වැඩ ආරම්භ කර තිබේ.
මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට මුල්ගල තැබුණේ ධර්මසිරි සේනානායක මාවතේදීය.
වරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැතිවීමෙන් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවති.
ඉදිකිරීමට යෝජිත වරකාපොල අතුරු මාර්ගයේ දිග මීටර් 2,350 ක් වන අතර මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉඳිකෙරෙනු ඇති.
මෙම මාර්ගය හරහා මීටර් 550 ක දිගින් යුතු ගුවන් පාලමක් ඉඳිකෙරෙන අතර ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 4,111.16 කි.