ලලිත් වීරතුංග,පැල්පිට චෝදනාවලින් නිදොස් කොට නිදහස්

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස්

by Staff writer 19-11-2020 | 10:44 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන අනුෂ පැල්පිට යන මහත්වරුන් අද සිල්රෙදි නඩුවේ චෝදනාවලින් අභියාචනාධිකරණය නිදොස් කොට නිදහස් කර තිබේ.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන විනිසුරු මඩුල්ලයි. 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර සිල්රෙදි බෙදාදීම ඇතුළු අධිචෝදනා තුනකට මහාධිකරණය විසින් ඔවුන් වරදකරුවන් කරනු ලැබුවේ ය. ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 2017 සැප්තැම්බර් 17 වන දින නියෝග කළේ ඔවුන්ට බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඩුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසයි.