by Staff writer 17-11-2020 | 6:05 PM
COLOMBO ( News 1st ): ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ සේවකයින් 560 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනකට කැබිනට් අනුමැතිය හිමිවිය.
ඒ , සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
ඊට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1.46 කි.
ගුවන් සමාගම මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
ඒ සඳහා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර ඇති අතර එමගින් ඉදිරි වසර තුනෙහි මෙහෙයුම්වලට හානියක් නොවන පරිදි මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබේ.