පානදුරේ තෙමහල් ගොඩනැගිල්ලක මත්පැන් නිෂ්පාදනාගාරයක්

පානදුරේ තෙමහල් ගොඩනැගිල්ලක මත්පැන් නිෂ්පාදනාගාරයක්

by Staff writer 17-11-2020 | 2:10 PM

COLOMBO (News 1st) - නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් වටලා තිබේ.

එය පවත්වාගෙනගොස් ඇත්තේ, පානදුර, වෑකඩ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක් තුළයි. පෙරන ලද ස්ප්‍රීතු බෝතල් 450 ක්, ගෝඩා බැරල් 40 ක්, විදුලි උපකරණ රැසක් සමපෙරීමේ උපකරණ මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් භාරයට ගත් නීති විරෝධි මත්පැන් තොගයේ වටිනාකම රු. ලක්ෂ 20 ට ආසන්නය. සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.