පානදුරේදී මහ පාරේ ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පානදුරේදී මහ පාරේ ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

by Staff writer 12-11-2020 | 10:37 PM

COLOMBO (News 1st) : මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇද වැටී අද(12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ, පානදුර , බණ්ඩාරණායක මාවතේදීය. අද පස්වරු 2.00 ට පමණ අදාළ පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇති අතර ඔහු පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය කරගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 63 හැවරිදි පුද්ගලයෙක් ය. අප වාර්තාකරු සදහන් කළේ, අදාළ පුද්ගලයාගේ දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි