by Staff writer 12-11-2020 | 10:09 PM
COLOMBO (News 1st) : කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති 2ක කාලයක් සිය නිල නිවාස තුළ රැඳී සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.
ඒ, මේ වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු වාර්තාවන පසුබිමකදීය.
මේ අතර, බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
ඒ අනුව වැලිකඩ, වැලිකඩ කාන්තා, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි නොවේ.
මේ අතර වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ කොරෝනා රැඳවියන් කන්දකාඩු ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
මින් ඉදිරියට වාර්තාවන කොරෝනා ආසාදනයවන රැඳවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇති.
කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තා රැඳවියන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලබන්නේ වැලිකන්ද කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙතයි.
මෙතෙක් කොරෝනා ආසාදිත සියලු රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහල, පල්ලන්සේන සහ බෝගම්බර බන්ධනාගාරවල රඳවා සිටී.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ , හිස් වූ වැලිකඩ බන්ධනාගාර රෝහල නිරෝධායනය සඳහා යොමු කරන රැඳවියන් ඇතුළත් කිරීමටයි.
මේ අතර බන්ධනාගාර නිලධාරීන් 25 දෙනෙකු නිරෝධානයට යොමු කර ඇත්තේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නිල නිවාස තුළයි.