නැගෙනහිර පර්යන්තය:කළමනාකරණය ඉන්දියාවටද?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරණය ඉන්දීය සමාගමකටද?

by Staff writer 01-11-2020 | 9:55 PM

COLOMBO (News 1st)  - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඉන්දියාවේ "අදානි" සමූහයට ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි "සන්ඩේ ටයිම්ස්" පුවත් පත අද වාර්තා කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ, නැගෙනහිර පර්යන්තයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා ඉන්දියානු රජයේ අනුමැතියක් ඇති "අදානි" සමූහයට භාරදීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සිදුවිය යුතු බවට වෘත්තීය සමිති දැවැන්ත හඩක් නගද්දී, පර්යන්තයෙහි සම්පූර්ණ කළමනාකරණය ඉන්දියානු හවුල්කාරීත්වයක් යටතට පත්වන බව සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ. චීන හවුල්කාරීත්වයෙන් මෙහෙයවනු ලබන කොළඹ වරායේ CICT හෙවත් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට මෙමගින්, වඩා තරඟකාරී වාසියක් ලබා දීමට අපහසු බව ද වාර්තාවේ සඳහන් ය.