නිරෝධායන ගෙවල් අවට වැසියන් බ⁣යවෙන්න එපා

කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිවස තුළ නිරෝධායනය කිරීම ගැන අසල්වැසියන් බිය විය යුතු නැහැ.. - සෞඛ්‍ය අංශ කියයි

by Staff writer 27-10-2020 | 8:00 AM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 541 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගෙන තිබේ.

මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොරෝනා පොකුරුවලන් මේ දක්වා වාර්තාවන ආසාදිතයින් ගණන 4941 කි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8413 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය. මේ අතර ආසාදිතයින් 130 දෙනෙකු ඊයේ සුවය ලබූහ. ඒ අනුව මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3933 කි. වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 4464 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 16 කි. වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, අසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට ලක්කිරීම සම්බන්ධයෙන් අසල්වැසියන් අනිසි බියක් ඇති නොකරගත යුතු බවයි.