කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5800 ඉක්මවයි

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5800 ඉක්මවයි

by Staff writer 21-10-2020 | 7:48 AM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5811 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 186 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය. ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 37 කි. ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 143 ක් වේ. ඒ අනුව මිනුවන්ගොඩ පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2342 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අතරට විදේශයන්හි සිටි පැමිණි සංඛ්‍යාව 6 කි. වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2341 ක් වේ. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා ඇත. ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3457 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය. මේ අතර තව ත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු කොළඹ නාගරික සීමාවෙන් හමු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, ඒ අතර පොලිස් නිලධාරියෙකු ද වන බවය. ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කළ බව ඇය සඳහන් කළා ය. මේ අතර කොරෝනා රෝගීන් සීඝ්‍රයෙන් වාර්තාවීම හේතුවෙන් හුදකලා කර ඇති මතුගම, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඕවිටිගල, බදුගම හා බදුගම නව ජනපදය යන ප්‍රදේශ ආශ්‍රිතව තව ත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගෙන ඇත. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේ, තව ත් පී.සී.ආර් පරීක්ෂණ 200 ක පමණ ප්‍රතිඵල අද ලැබීමට නියමිත බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2688415831400461/