by Staff writer 18-10-2020 | 7:23 AM
COLOMBO (News 1st) – 2019 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු මේ වනවිට සකස් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
එහි උප සභාපති මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ , ඊට අදාළව පවතින නඩුවක් හේතුවෙන් එම ලකුණු නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි.
නීතිපති උපදෙස් අනුව නඩුවට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් අනතුරුව කඩඉම් ලකුණු නිකුත් කරන බව ඇය පැවසුවා ය.
මෙවර විශ්වවිද්‍යාල සඳහා 40,000 කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.