මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තව ත් 190 කට කොරෝනා

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 190 කට කොරෝනා

by Staff writer 07-10-2020 | 3:05 PM

COLOMBO (News 1st) - දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තව ත් 190 කට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පසුගිය දින තුන තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022 කි. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4442 දක්වා ඉහළ ගොස් තිබේ.