by Staff writer 02-10-2020 | 7:19 PM
COLOMBO (News 1st) - ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 51 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඩයගම සිට හැටන් දක්වා ධාවනය කළ බස් රථය අද උදෑසන 6.45 ට පමණ ෆෝඩයිස්වත්ත ප්‍රදේශයේදී අනතුරට ලක් විය.
මාර්ගයෙන් ඉවතට පැන බස් රථය අඩි 25 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.
අනතුරින් පුද්ගලයින් 51 ක් දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලක රෝහලට ඇතුළත් කෙරුණි.
අප වාර්තාකරු සඳහන් කළේ, ඉන් 30 දෙනෙකු පාසල් සිසුන් බවයි.
බරපතල තත්ත්වයේ පසු වූ සිසුන් දෙදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් බසයේ රියැදුරු හා කොන්දොස්තරවරයා ද තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, ඉතා පටු අබලන් මාර්ගයක් වූ මෙම මාර්ගයෙහි නිරන්තරයෙන් අනතුරු සිදුවන බවයි.