by Staff writer 02-10-2020 | 7:49 PM
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා - ගම සමග පිළිසඳර- වැඩසටහනේ දෙවැනි අදියරට අද එක්විය.
ඒ, මාතලේ නාගවනාරාම විහාරස්ථානයේදීයි.
ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටලු එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණි.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙහි පවතින වකුගඩු රෝගයට කඩිනම් විසඳුමක් ලෙස හෙට්ටිපොල රුධිර කාන්දුකරණ ඒකකයේ කටයුතු කඩිනම් කරන ලෙසයි.
කිරි ගොවීන් සහන ණය ඉල්ලුම් කිරීමේදී අවශ්‍ය ඇප කොන්දේසි ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වෙහෙරගල සිට හෙට්ටිපොළ නගරයට ඇති කිලෝමීටර් 2.8 ක මාර්ගය සහ හිඹිලියාකඩ වැව් තාවුල්ලේ සිට හිඹිලියාකඩ ගම්මානයට ඇති මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙස ද උපදෙස් දුන් බවය.
- ගම සමග පිළිසඳර - වැඩසටහනෙන් පසුව ජනාධිපතිවරයා ගම්මානයේ නිවාස සහ ගොවිබිම් කිහිපයක් නිරීක්ෂණය කළේ ය.
බඩ ඉරිඟු වගාව ප්‍රධාන ජීවනෝපාය කරගත් විශාල පිරිසක් මේ ගම්මානයේ ජීවත් වන අතර ජනාධිපතිවරයා ඔවුන් සමග කතාබහක ද නිරත විය.
අනතුරුව ජනාධිපතිවරයා හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පැමිණියේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එම විද්‍යාලයට පන්ති කාමර 3 කින් යුත් ගොඩනැගිල්ලක් සහ ගුරු නිවසක් ඉඳිකර දීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ බවයි.