by Staff writer 28-09-2020 | 7:47 PM
COLOMBO (News 1st) - අලි මිනිස් ගැටුම විශාල ගැටලුවක්..
ගම්මැද්ද වසර 5 ක් සිදු කළ ගෙයින් ගෙට වැටසටහනින් එය යළි යළිත් තහවුරු වී තිබේ.
ඊයේ රාත්රියේත් එය තව ත් සනාථ කරමින් ජීවිත 2 ක් බිළි ගැණුනි.
දිවයිනේ දිස්ත්රික්ක රැසක් පුරා අලි මිනිස් ගැටුම උග්රවීමත් සමග අප පුන පුනා ප්රකාශ කළේ, මෙම තත්ත්වය හමුවේ කොළඹටත් වනඅලි පැමිණෙන දිනය වැඩි ඈතක නොවන බවටයි.
අද අප නගරයේ ජීවත්වන ජනතාවට ඒ ගැමියන්ගේ දෛනික ජීවිතේ පුංචි අත්දැකීමක් ලබා දුන්නෙමු.
මේ ඉතා ජනාකිර්ණ මහල් නිවාස කාර්යාල සංකීර්ණවලින් පිරිගිය කොළඹ දෙක බේබෲක් පෙදෙස දිගේ අප සැලසුම් කළ පරිදි සද්ධන්ත අලියෙකු ගමන් කළේ ය.
එක්වරම සිදූ වූ මේ අත්දැකීම බේබෲක් පෙදෙසේ බෝහෝ පිරිසකට තැති ගැන්මකට ලක් විය.
කොළඹ ජනතාව මුහුණ පෑ මේ අත්දැකීම ලංකාවේ බොහෝ ගම්මානවල දෛනික යථාර්ථයයි.
ඒ, යථාර්ථයට මේ වනවිට අලින් මෙන්ම මිනිසුන් රැසක් බිළිවී අවසන් ය.
ඊයේ පෙදරේරු වෘත්තියේ නිරත වූ නිමල් සහ පියදාස ඊයේ නිවෙස්වලින් පිටත්ව ගියේ නිවසක අත්තිවාරමක් කැපීම සඳහායි.
ඔවුන් සිය කාර්ය නිමාකර පස්වරු 4.00 ට පමණ යළි පා පැදිවලින් නිවෙස්වලට පිටත්වුද ඒ ගමන අතරමගකින් අවසන් විය.
නිමල් සහ පියදාස තව ත් 5දෙනෙකු සමග ගල්ගමුව, දේවගිරිය ප්රදේශයෙන් යමින් සිටියදී වනඅලි ප්රහාරයකට ලක් වූ අතර සෙසු තිදෙනා දිව ගොස් දිවි බේරාගැනිමට සමත්ව තිබේ.
පහරදීම සිදු කළ තනි අලියා එම ස්ථානෙයන් ඉවත් නොවීම හේතුවෙන් පහරදීමට පුද්ගලයින් දෙදෙනාගේ ගලවා ගැනීමට පැයක පමණ ප්රමාදයක් සිදු වූ බව අප වාර්තාකරු ප්රකාශ කළේ ය.
සිද්ධියෙන් මිය ගියේ ගල්ලෑව සහ නිතලව ප්රදේශයේ පදිංචිව සිටි නිමල් වන්නිනායක නැමති 40 හැවිරිදි පුද්ගලයෙකු සහ 63 හැවිරිදි ඊ.එම්.පියදාස යන අයයි.
https://www.facebook.com/NewsfirstSL/videos/872881533243476/