කොරෝනා සමයේ දුන් සහනාධාරය සම්බන්ධයෙන් විගණනයක්

කොරෝනා සමයේ සමෘද්ධි සංවර්ධන බැංකු ලබාදුන් 10,000 සම්බන්ධයෙන් විශේෂ විගණනයක්

by Staff writer 25-09-2020 | 8:52 AM

COLOMBO (News 1st) -

කොරෝනා සමයේ සමෘද්ධි සංවර්ධන බැංකු හරහා ලබාදුන් රුපියල් 10,000 මුදල වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් විශේෂ විගණනයක් ආරම්භ කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් හා රාජ්‍ය විගණන අංශය මගින් එම පරීක්ෂණ පැවැත්වෙන බවයි. ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ද ඒ සඳහා පාදක කර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. මේ වනවිට එවැනි පැමිණිලි කිහිපයක් ලැබී තිබේ. මේ අතර හම්බෙගමුව සමෘද්ධි සංචර්ධන බැංකුවේ සිදුවූ එවැනි මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව ඊයේ විමර්ශන මගින් අනාවරණ කළේය.