20 ගැන හැමෝම කතා වෙද්දි,ජනතා ගැටලු එලෙසමයි

20 ගැන හැමෝම කතා වෙද්දි,ජනතා ගැටලු එලෙසමයි - 24 වැනි දිනටත් ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට

by Staff writer 21-09-2020 | 9:48 PM

COLOMBO (News 1st) - 20 ගැන එහෙන් මෙහෙන් කතා වෙද්දි ජනතාව හමුවෙන්න ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට යන 24 වැනි දවස අද යි.

මඩකලපුව, මහනුවර, මොණරාගල දිස්ත්‍රික්කවල ගම්මාන ගණනාවක නොවිසඳුණු පොදු ප්‍රශ්න ගොන්නක් අදත් සටහන් විය. මොණරාගල, දොඩම්ගොල්ල කියන්නේ හඬා වැටෙන ගමක්. ඒකට හේතුව ගමටම වතුර දීපු දොඩම්ගොල්ල වැව විනාශ වීමයි. දැන් තියෙන්නේ වැවක් නෙවෙයි මඩ ගොඩකි. මේ ගමට අහස් දිය වැටෙන්නෙත් අවුරුද්දකට එකම එක පාරයි. හැබැයි ඒ වතුරත් ඔහේ ගලාගෙන යන්නේ මේ වැවේ දැන් මඩතට්ටු පිරිලා තිබිම නිසාවෙනි. අවුරුද්දකට කුඹුරු අක්කර 100 ක් විතර වගා කළ මිනිස්සු දැන් අසරණ වෙලාය. මේ වැව හැදුවොත් ගමකට ජීවිකාවත්, රටකට බතත දෙන්න පුළුවනි. මහනුවර, උඩුදුම්බර ආඩිදෙණිය ගමේ මිනිස්සු ඉන්නෙ අලි වැට ඇතුළේ. අලි ඉන්නේ ගමේ මේ අලි වැට හදලා තියෙන්නේ අලිමංකඩ තුනක් අහුරලා. ගමේ සැරිසරන අලි පන්නන්න කිව්වම හසලක වනජීවි එකෙන් කියන්නේ අලි ඉන්න තැන් ගැන හරිම හෝඩුවාව දෙන්න කියලා. ගම්මු නිලධාරීන්ගෙන් අහන්නේ ගමට අලි එන්නේ අපිට කියල ද කියලාය. මාර්තු වෙනකන් රජයෙන් අලිවෙඩි තුනක් ලබා දී තිබේ. දැන් ඒකත් නතර වෙලා මාස 6 කි. හවස 5.00 වෙනකං හිනාවෙන මේ ගමේ මිනිස්සු පාන්දර 5:00 වෙනකන් අඬනවා. තවද මඩකළපුව, රාජතුරෛනගර් ගමේ ජීවත්වන පවුල් 250 කගේ ප්‍රධාන ජීවනෝපාය කුලීවැඩයි. මේ මිනිස්සු පිපාසෙට වතුර ටිකක් හොයාගෙන කිලෝමීටර තුනකට වඩා දුරක් ඇවිදිනවා. මෙහෙම ඇවිදින්න සිද්ධ වෙලා තියෙන්නේ මඩකලපු දිස්ත්‍රික්කයට ම ජලය සපයන උච්චි මුනේ කුලම් වැව ගමේ තියාගෙනය. හැබැයි, මේ වැව රාජතුරෛනගර් ගමේ මිනිස්සුන්ට තහනම් ය. ගම්මු වැව දිහා බලාගෙන වැව් පිට්ටනියේ වළවල් හාරල වතුර ගන්නවා. https://www.facebook.com/NewsfirstSL/videos/1671274449699245/