ඉපැරණි ගස් කපා ප්‍රතිසංස්කරණය කළ වැවක්

අවුරුදු සිය ගණනක් පැරණි ගස් කපා ප්‍රතිසංස්කරණය කළ ඉහළ තලාව වැව

by Staff writer 15-09-2020 | 7:58 PM

COLOMBO ( News1st ) : අනුරාධපුර, ඉහළ තලාව වැවේ වසර සිය ගණනක් පැරණි මහා ගස් මුලින් උගුලා දමා තිබේ.

වැව සංවර්ධනය කරන මුවාවෙන් කොන්ත්‍රාත්කරුවන් මෙම ජාවාරම සිදු කර ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි. මීට මාස 10 කට පමණ පෙර අනුරාධපුර, තලාව නගර මධ්‍යයේ පිහිටා ඇති ඉහළ තලාව වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණේ වසර ගණනාවක් ගොවි ජනතාවට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ය. ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ඇතුළත් පුවරුවේ සදහන් වන පරිදි දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 3 කට අධිකයි. මෙය ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියකි. මේ අනුව ඉහළ තලාව වැවේ රොන් මඩ ඉවත් කිරීම , වැව් බැම්ම හා සොරොව්ව සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ජයරත්න කන්ට්‍රැක් නැමැති ගල්නෑව ප්‍රදේශයේ කොන්ත්‍රාත් ආයතනයක් ලබාගෙන තිබේ. රොන් මඩ ඉවත් කර වැව් බැම්ම සකස් කිරීම කෙසේවෙත් වැවේ තැනින් තැන හාරා පස් විශාල වශයෙන් ඉවත්කර ඇති අයුරු දැකිය හැකි ය. වැවට වසර ගණනක් රැකවරණය දුන් දැවැන්ත ගස් විශාල ප්‍රමාණයක්ද කපා ඉවත්කර තිබේ. දැව සදහා සුදුසු කොටස් රැගෙන යාමෙන් පසුව ඉතිරි වූ කොටස් යළි වැවට දමා තිබේ. ජනතා අදහස් -
වැව පුරාම වලවල් කප කපා පස් සියයක් බන්ට් එකට යද්දි 500 ක් එළියට යනවා . ඒක තමයි කරේ. තිබ්බ ගස් ටිකත් කැපුවා. වළවලුත් කැපුවා. මේ මහත්තයෝ අපි ඉන්නේ වැව් පිටියේ අද බන්ට් එකට වැඩිය වැව් පිටිය උසයි . තිබ්බ අයුරින් තිබ්බා නම් මේ වැව ලස්සනයි . මේ වැව් පිටිය පුරාව තියෙන්නේ වළවල් කපලා මේ වළවල්වලට වැටුනොත් මහත්තයෝ මිනිස්සු බිලි ගන්නවා. වැව කැලේ වෑකන්ද හරියට හදලා නෑ . ඒවා හේදී හේදි යනවා දැන් ලබන මාසේ වෙනකොට මහ වැහි එන්නේ එතකොට වෑකන්දත් කඩන් යනවා යන්න. සත පහක දෙයක් නෙවෙයි කොරලා තියෙන්නේ මේ මහවැලි එච් කලාපයේ පිහිටා ඇති ඉහළ තලාව වැව සංවර්ධනය මුවාවෙන් සිදුකර ඇති මේ විනාශය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව වහා පියවර ගත යුතු නොවේ ද?