එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

by Staff writer 14-09-2020 | 9:47 AM

COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි.

එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බවයි. අද පස්වරු 3.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති.