by Staff writer 13-09-2020 | 8:06 PM
COLOMBO (News 1st) - රජයේ ඉඩම් භුක්තිවිඳීම සඳහා නීත්‍යානුකූල ලේඛන ලබාදීමට අදාළව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයින් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ යටතේය.
සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප්රවාර්ධනය, දේශීය ආහාර භෝග නිෂ්පාදන සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමනාකරණය කිරීම ප්රමුඛ අරමුණ බව ද මෙහි දැක්වේ.
එම අරමුණ සඳහා පළමු පියවර ලෙස මෙරට පුරවැසියන්ට නිරවුල් බිමක හිමිකම තහවුරු කිරීම සඳහා විධිමත් ලේඛනයක් ලබාදීම රජයේ සැලසුම බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
ඒ සඳහා අයැදුම්පත් කැඳවීම මේ මස 30 වැනි දා දක්වා සිදුවන අතර ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ග්‍රාමනිලධාරී වෙත යොමු කළ යුතු වේ.
ගැසට් නිවේදනයට අනුව විශේෂ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිත කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි මෙම නීත්‍යානූකූල ලියවිලි ලබාදීමේ වැඩපිළිවළ ක්‍රියාත්මකය.