මාධ්‍යවේදී සැකී ජැබාර්ගේ සිරුර සොයා ගනී.

මාධ්‍යවේදී සැකී ජැබාර්ගේ සිරුර ඔහුගේ නිවසේදී සොයා ගනී.

by Staff writer 10-09-2020 | 3:14 PM

COLOMBO ( News 1st ) : අයිලන්ඩ් පුවත්පතෙහි මාධ්‍යවේදී සැකී ජැබාර් මහතාගේ සිරුර පැලවත්තේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයා ගැනුණි.

මාධ්‍යවේදී සැකී ජැබාර් මහතා පැලවත්තේ පිහිටි සිය නිවසේ තනිව වාසය කර ඇතැයි සඳහන් වේ. ඔහු සතියකට අධික කාලයක් සේවයට වාර්තා කර නොමැත. පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ, වසා දමා තිබූ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී සිරුර හමුවූ බවයි. මාධ්‍යවේදී සැකී ජැබාර් මහතා දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.