by Staff writer 30-08-2020 | 7:36 PM
COLOMBO (News 1st) : නූතන ලෝකයේ සිදුවන ඩිජිටල් ගනුදෙනු සමග ජනතාවට වාසි රැසක් ලැබෙමින් පවතී.
කාසි හා නෝට්ටු සංසරණය මේ වනවිට මහා බැංකුවට අතිරේක වියදමක් දැරීමට සිදුව ඇති ක්‍රියාවලියක් ය.
මේ නිසා මහ බැංකුව විද්‍යුත් ක්‍රමයට කරන ගෙවීම් හා පියවීම් සිදුකරන ක්‍රමවේද ප්‍රචලිත කිරීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඒ, 2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව ය.
මාතලේ විහාරගමින් අද ආරම්භ වූ ගම්මැද්ද ගෙයින් ගෙට ගමනට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් ද සහභාගී වූහ.
මුදල් පරිහරණය අවම කරමින් නවීන තාක්ෂණය යොදාගෙන ගනුදෙනු කරන ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය සමග එක්ව සිටිති.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම හා පියවීම් අධ්යක්ෂ ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා ගෙයින් ගෙට යමින් අද ජනතාව දැනුවත් කළේ ය.
ඔහු සමග සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා සහ තවත් බැංකු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටියහ.
QR කේත ක්‍රමවේදයක් ඔස්සේ සිය ව්‍යාපාර සහ එදිනෙදා ගෙවීම් පියවීම් කටයුතු සිදු කළ හැකි ආකාරය එහිදී ඔවුන් සරලව ජනතාවට පැහැදිලි කළේ ය.
මේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව තුළ තිබුණේ දැඩි උද්යෝගයක් ය.
ජනතාව හමුවී ඔවුන්ගේ හඬට සවන් දෙන ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතියේ මෙවර ක්‍රියාත්මක වන්නේ පස්වන අදියරයි.
මාතලේ , කළුතර සහ යාපනය දිස්ත්‍රික්කවල අදත් අප කණ්ඩායම් සංචාරය කළේ, මහ බැංකුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් ද සමගිනි.