ගාල්ලේදී බස් 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් 12 කට තුවාල

ගාල්ලේදී බස් 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් 12 කට තුවාල

by Staff writer 30-08-2020 | 5:43 PM

 COLOMBO (News 1st) : ගාල්ල, දඩල්ලේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද උදෑසන මුහුණට මුහුණලා ගැටී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණි. අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.