by Staff writer 30-08-2020 | 4:23 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු අද හඳුනා ගැනිණි
ඔවුන් මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2998 දක්වා ඉහළ ගොස් තිබේ.
වෛසරය ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 126 කි.
කොරෝනා ආසාදනය වූ 11 දෙනෙකු අද සුවය ලැබුවේ ය.
ඒ අනුව මෙරට කොරෝනා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2860 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.